බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා තනතුර හැර පිටව යයි

මේ වන විට බංග්ලාදේශය පුරා ඉස්මතු වෙමින් පවතින දැඩි අර්බුදකාරී තත්වය හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්‍ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කොට තිබේ.එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කොට ඇති අන්දමටඅග්‍රාමාත්‍යවරිය ඇයගේ නැගණිය වන ෂෙයික් රෙහානා ද සමඟ අද (05) පස්වරු 2.30 ට පමණ හමුදා හෙලිකොප්ටර් යානයකින් අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්වී ඇත. ඇය තම ආරක්ෂාව පිණිස ඉන්දියාවේ බටහිර බෙංගාලය වෙත ගොස් ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය අනුමාන කරයි.

කාලීන පුවත්