බටලන්ද කොමිෂන් වාර්තාව ගැන රනිල් ගෙන් විශේෂ ප්‍රකාශයක්

සභානායක බිමල් රත්නායක මහතා විසින් අද(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත ය.බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි.මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළ අතර ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර ඇත.මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත.එමෙන්ම සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටත් පියවර ගන්නා බව බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්