බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි T20 තරගාවලි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය.

ඒ දෙරට අතර පැවැති තෙවන සහ අවසන් තරගය කඩුලු 09කින් ජයගැනීමත් සමඟයි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 162ක්.

අනතුරුව ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කරනලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජයගත් පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මෙය වීමත් විශේෂත්වයක්.

කාලීන පුවත්