“මේ ඔක්කොම තාවකාලික ප්‍රශ්න. කිරිපිටි තාවකාලික ප්‍රශ්නයක්. සිමෙන්ති තාවකාලික ප්‍රශ්නයක්. ගෑස් තාවකාලික ප්‍රශ්නයක්. මේ කොවිඩ් අර්බුදයට මුහුණ දීලා අපි නොමැරී ජීවත් වුණේ එක ඇති. අපි දන්නවා අපේ ඩොලර් සංචිතය අඩුවුණා. ප්‍රශ්න ඇති වුණා. හැබැයි මේ රජය මිනිස්සුන්ට මැරෙන්න ඉඩ දුන්නේ නැහැ. මේ ඔක්කොම තාවකාලික ප්‍රශ්න.මිල පාලනය ඉවත් කරලා තියෙන්නේ. ඉදිරි දවස් කිහිපය තුළ දී ඇති වෙන්න කිරිපිටි එයි. ගෑස් එයි. මේ ප්‍රශ්න කොවිඩ් නිසා ඇතිවුන තාවකාලිකව ප්‍රශ්න පමණයි”මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.ඔහු මේ බව කියා සිටියේ ඊයේ කුරුණෑගල පැවති උත්සවයක් අවසනයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.