බදුල්ලේ පාසල්වලට නිවාඩු ලබාදෙන දවස්

2024 ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 13 වනදා සිට බදුල්ලේ පාසල්වලට නිවාඩු ලබාදෙන බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා පවසයි.

මෙම මස 13 සිට 24 දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා තෝරාගත් බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල වසා දැමීමට තීරණය කර තිබේ.

එමෙන්ම සැප්තැම්බර් 19, 20 යන දෙදින බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහල සහ ඌව මහා විදුහල සඳහා නිවාඩු ලබා දෙන බවයි වාර්තා වෙයි.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස තෝරාගත් සෙසු පාසල් සඳහා ලබන 20 වනදා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා සඳහන් කළේ බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහලට ලබන 24 වන දිනත් බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සැප්තැම්බර් 23 වන දිනත් ආරම්භ කිරීමට නියමිත බවයි.

කාලීන පුවත්