බදුල්ල සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට නාය යාමේ අවදානමක් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ පස්සර, හාලිඇල, බදුල්ල, කන්දකැටිය , ඌව පරණගම , මීගහකිවුල සහ සොරණාතොට ප්රදේශවලට නාය යාම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම සංවිධානය දැනුම් දි ඇති බව වාර්තා වේ.එමෙන්ම නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ ප්රදේශයට ද මෙලෙස නායයාම් පිළිබඳව අවධානයෙන් සිටින්නැයි වැඩිදුරටත් දැනුම් දි ඇත.