බලාගාර වෙත තවමත් හරි හැටි ඉන්ධන නැහැ;විදුලි කප්පාදුව අදත්

විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් මේ දක්වාත් බලාගාර වෙත නොලැබීම හේතුවෙන් අද (10) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරු කාලයේ පමණක් පැයක් විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම කියයි.

කාලීන පුවත්