බලු පැටවුන් මෝටර් රියට යටකළ කෝටිපති කාන්තාව වරද පිළිගනී

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සාක්ෂි සහිත වීඩියෝවක් මගින් හෙළිදරව් කර තිබුනේ සුනඛ පැටවුන් දෙදෙනකු හිතාමතා යටකර ඝාතනය කරමින් පදවා යන මෝටර් රථයක් ගැනයි.

සිද්ධියකට අදාළ සැකකාරිය (20දා) අත්අඩංගුවට ගන්නට මතුරට පොලිසිය කටයුතු කළ අතර ඇයව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඇය අධිකරණයේදී වරද පිළිගත් අතර තමා කළ වරද පිළිබඳව පසුතැවිලි වන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය., එම නඩුව ජුනි මස 01 වනදා යළි කැඳවීමට තීරණය කර ඇප මත නිදහස් කර ඇත.

කාන්තාවගේ සැමියා කෝටිපති ව්‍යාපාරිකයෙකු බව පැවසේ. සැකකාරිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.

කාලීන පුවත්