බස්නාහිර ඇතුළු පළාත් 4ක ඩෙංගු මර්දන වැඩසටහනක්

ලබන ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනයන් හිදී බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ගංවතුරෙන් යටවූ ප්‍රදේශ වල ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

2024 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 41,128ක් වාර්තා වී තිබේ.

කාලීන පුවත්