බස් ගාස්තු අඩු වීමේ ඉඩක්

දැනට පවතින අවම බස් ගාස්තුව වන රුපියල් 34.00ක මුදල රුපියල් 29.00 දක්වාත් එම අනුපාතයට සෙසු බස් ගාස්තු ද අඩු කළ හැකි බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති කොවිඩ් සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවත් එසේ කළහොත් කොවිඩ් වසංගතය පැවති කාලසීමාවේ දී ඉහළදැමූ බස් ගාස්තු ඉදිරියේදී යළිත් අඩු කළ හැකි බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.කොවිඩ් වසංගත සමයේදී ආසන ධාරිතාවයට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම ඇතුළු කොන්දේසි හේතුවෙන් බස් ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමක් සිදුකළ අතර පසුව ඉන් සියයට 10 අඩුකෙරිණි.කෙසේවෙතත් ලංගම සහ පෞද්ගලික බස් රථ නියමිත ආසන ධාරිතාව ඉක්මවා මේ වනවිට මගීන් ප්‍රවාහනය කිරීම සිදුකරන බැවින් ඉතිරි සියයට 10 ද බස් ගාස්තුවෙන් අඩු කළ යුතු බවට අදහස් පළවෙමින් තිබේ.

කාලීන පුවත්