බස් ජැක්සන්ලාට වසර පහක් දක්වා සිරදඩුවම්

බස් රථ තුළ ගමන් ගන්නා දැරියන්ට ලිංගික අපයෝජන කරන පුද්ගලයන්ට වසර පහක් දක්වා සිරදඩුවම් ලබාදීමට හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

බස් රථවල ගමන් කරන කාන්තාවන්ගෙන් සියයට 80 ක් පමණ අතවරයට ලක්වන බව අනාවරණයවී ඇතැයි ද එම අධිකාරිය කියයි.

එම අධිකාරියේ පැවැති වැඩමුළුවකදී අධ්‍යක්වරිය මේ බව සඳහන් කළාය. දෙමාපියන්ගේ පවුල් ආරවුල් බරපතළ ලෙස ළමුන්ගේ දූෂණවලට බලපාන බව ද ඇය කියා සිටියාය.

දැරියන්ගේ ඡායාරූප යොදාගෙන AI තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූප සකස් කිරීම ඉහළ ගොස් ඇති බවත්, දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තියට අනුව අවුරුදු 18 ට අඩු ළමයින්ගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ පට ළඟ තබා ගැනීම අපරාධ වරදක් බවද ඇය සඳහන් කළාය.

කාලීන පුවත්