බැසිල් කැබිනට් ඇමති කම් දාසයක් ඉල්ලයි;කැබිනට්ටුව පත් කිරීම ජනවාරියෙන් ඔබ්බට

කැබිනට් මණ්ඩලයට නව සාමාජිකයන් එක් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් සළකා බැලීම පිණිස නව කැබිනට් ඇමති වරුන් පත් කිරීම ජනවාරි මාසයෙන් පසුව සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.මේ වන විට දහ අට දෙනෙකුගෙන් සමන්විත වන අතර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තවත් ඇමතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිව තිබේ.නමුත් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත්තේ නව කැබිනට්ටුවේ ඇමති ධුර දහසයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි විය යුතු බව ය.නව කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක,එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන,කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ඒ එල් එම් අ තාවුල්ලා යන මහත්ව,රුන්ට අමතරවසමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකුද පත්කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.නමුදු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉතිරි පිරිස පත්කිරීමේ ගැටලුව මත එය ජනවාරියෙන් පසුව සිදු කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.

කාලීන පුවත්