බැසිල් බල රහිත කරමින් 22 තෙවන වර කියවීමේදී ද සම්මත වෙයි

දැනට ඇමරිකාවේ වෙසෙන ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලාංක්ය දේශපාලනයේ ප්‍රබල සාධකයක් ය යන මතය නිශේධ කරමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ(21) පනත් කෙටුම්පත තෙවනවර කියවීමේදී ද සම්මත විය.කෙටුම්පතට පක්ෂව ඡන්ද 174ක් හිමිවූ අතර මෙම සම්මත වීම 5/6කට ඉතා ආසන්න හා 3/4 බලය ඉක්මවා යාමකි.මෙම සංශෝධනයට පක්ෂව අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් බහුතරයක් කියා සිටියේ මීට විරුද්ධ වන පිරිස් කටයුතු කරන්නේ ඇමරිකාවේ දැනට වෙසෙන ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත බවයි.මේ කෙටුම්පත සම්මත වීමත් සමග බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය සහිත ව කිසිදු අයුරකින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත.

කාලීන පුවත්