බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ කිසිවකු තමන්ට අභියෝගයක් නොවන බවත්, රාජපක්ෂ පවුලේ ලොක්කෝ පොඩ්ඩො සැවොම ගෙදර යැවීමට කටයුතු කළේ තමන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වයෙන් සකස් කරන පොදු සන්ධානයේ නම, ලකුණ හා වැඩපිළිවෙළ ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවත්, මෙම සන්ධානයට මේ වන විටත් දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී තිබෙන බවත්, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා සන්ධානය සකස් කර තිබෙන බවත් හිටපු ජනාධිපති වරයා පවසා සිටියේ ඊයේ (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.