ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
ඔහු සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙයි.
21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය ලබාදීමෙන් පසු ඔවුන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.