බිත්තරයක් 30ට බහියි

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

ඒ මහතා කුලියාපිටිය රුවිනී ලෙෂර් පාක් ආයතනයේ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ රත්නායක මහතා මෙසේද පැවසීය.

ඉකුත් කාලයේ බිත්තරයක් රුපියල් 65-70 අතර ගියා. එහෙත් සංගමයක් විදිහට මේ කර්මාන්තයත් ආරක්‍ෂා කරගන පාරිභෝගිකයාටත් බිත්තරයක් රුපියල් 45 අගයට ලබාදෙන්න අපි අපමණ වෙහෙසක් ගත්තා. බිත්තර මිල අඩු වැඩි වෙන්නේ අපි ඕන ඕන විදිහට කරන දෙයක් නිසා නෙවෙයි. අදවන විට බිත්තරය ගොවිපොලෙන් රුපියල් 30 සීමාව දක්වා අඩුවෙලා තියනවා. ඉදිරියෙදී මේ මිල තවත් අඩුවේවි කියලයි අපිට පේන්නෙ.

කාලීන පුවත්