බිත්තිවල තෙතමනය පවා ඔබ රෝගියෙකු කළ හැකියි – අසාත්මික රෝග සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

vinivida

දැන් සෑහෙන කලක පටන් අපි වැස්ස නිසා පීඩා විඳිමු. වැස්ස තවමත් හරි හැටි නොලැබෙන ප්‍රදේශ අපේ රටේ තිබිය හැකි මුත්, සාපේක්ෂව ගත් කල වැස්ස වහින ප්‍රදේශ වැඩි ය. කොහොමත් අපේ රට සාමාන්‍යයෙන් වැස්ස වැඩි රටකි.
වැහි කාලයට සමහර ගෙවල්වල කිනම් හෝ වතුර කාන්දුවක් නිසා බිත්ති දිගේ පහළට වතුර රූරා වැටෙයි. මෙය බොහෝවිට දැකිය හැකි සුලබ තත්ත්වයකි.
මෙලෙස වතුර කාන්දු වන තැන්වල නිරන්තරයෙන් තෙතමනයක් පවතී. මේ නිසා පුස් බැඳීම සිදුවේ. පුස් යනු දිලීර ය. එය ක්ෂුද්‍ර ජීවී විශේෂයකි. දියසෙවෙල් බැඳුණු බිත්තිවල පවා දියසෙවෙල් මතුපිට පුස් සෑදෙයි.
කෙසේ වුවද සෑම පුස් වර්ගයක්ම අපේ පියවි ඇසට පෙනෙන්නේ නැත. එබැවින් පියවි ඇසට පෙනෙන පුස් වර්ග මෙන්ම නොපෙනෙන පුස් වර්ගද ඇති අතර මේ දෙවර්ගයම තෙතමනය ඇති තැන්වල හටගෙන පෝෂණය වෙයි.

තෙතමනය සහිත බිත්ති ඇති නිවසක ජීවත් වීම යනු අප තෙතමනය සමග ජීවත් වීමයි. මෙය කිසිසේත් ඔබ බැරෑරුම් ලෙස නොසිතුවද මේ හේතුවෙන් විවිධාකාර රෝගවලට භාජනය වන්නට සිදුවේ. මෙතෙක් ඔබ එවැන්නක් නොසිතන්නට ඇත. මේ හේතුව නිසාම ඇස් කැසීම, ඇස්වලින් කඳුළු ගැලීම, උගුර කැසීම කැස්ස සහ වෙනත් සෙම් රෝග දිගුකාලීනව පවතින ඇදුම සහ සමේ රෝග ආදී වශයෙන් සෙම ආශ්‍රිත රෝග රැසක් හට ගැනීමේ හැකියාව තිබේ.

වහලවල්වලින් වතුර කාන්දු වීම සේම ඇතැම් නිවෙස්වල වතුර ටැංකිවලින් ද වතුර කාන්දුවීම් ඇති වේ. නාන කාමරවල ජලය නිසි ලෙස බැස නොයන විට ද බිත්තිවල තෙතමනය හට ගැනීම සිදුවේ.
තෙතමනය සහිත බිත්ති ඇති නිවසක ජීවත් වීම යනු අප තෙතමනය සමග ජීවත් වීමයි. මෙය කිසිසේත් ඔබ බැරෑරුම් ලෙස නොසිතුවද මේ හේතුවෙන් විවිධාකාර රෝගවලට භාජනය වන්නට සිදුවේ. මෙතෙක් ඔබ එවැන්නක් නොසිතන්නට ඇත. මේ හේතුව නිසාම ඇස් කැසීම, ඇස්වලින් කඳුළු ගැලීම, උගුර කැසීම කැස්ස සහ වෙනත් සෙම් රෝග දිගුකාලීනව පවතින ඇදුම සහ සමේ රෝග ආදී වශයෙන් සෙම ආශ්‍රිත රෝග රැසක් හට ගැනීමේ හැකියාව තිබේ. එවැනි රෝග තිබෙන අයකු වුවත් තමාගේ නිවසෙහි තිබෙන මෙවැනි තත්ත්වයන්වලදී එම පුස් සහ තමන්ගේ රෝගය අතර සම්බන්ධයක් තිබේ යැයි කිසිසේත් පෙන් නොසිතනු ඇත.
දිලීරවල පැහැයන් කිහිපයක් පවතී. ඒ, කළු, කොල සහ සුදු ආදී වශයෙනි. බිත්තිවලට අමතරව නිතර තෙත්ව පවතින ජනෙල් සහ දොරවල්වලත්, තෙත ගතිය රැඳී පවතින රෙදි සහ කාපට් ආදියේත් පුස් සෑදෙයි. මේවායින් ලෙඩ සෑදෙන බව නොදන්නා නිසා අපි මේවාත් සමග ජීවත් වෙමු.
දැනට සොයාගෙන තිබෙන පරිදි අසාත්මිකතාවය නිසා හටගන්නා රෝගවලට වැඩිපුරම බලපාන්නේ දිලීර ය. එනිසා රෝගයක් වැළඳුණු පසු ප්‍රතිකාර ගන්නවාට වඩා රෝගවලින් ආරක්ෂාවීම ඉතා වැදගත් ය. රෝගයක් වෙළඳ නොහොත් නිසැක ලෙසම ඖෂධ ගැනීමට සිදුවේ. මේ නිසා නාස්තිවන්නේ ඔබේ මුදල් සහ කාලය යි. අනෙක් අතට රෝග නිසා විශාල කායික සහ මානසික පීඩාවක් ද හට ගනී. මෙය වළකා ගැනීමට ද ඔබට හැකියාව ලැබෙනු ඇත.

නිවසේ තැන් තැන්වලින් වතුර කාන්දු වීම් සිදුවන්නේ නම් ඒවා පිළිසකර කිරීම මූලිකවම වැදගත් කාරණයකි. නිවස හොඳින් නඩත්තු කරන්නේ නම් මෙවැනි වතුර කාන්දුවීම් ඇතුළු බොහෝ දේවල් සිදුවීම වළකී. කාමරවල බිත්ති සහ නාන කාමර වියළි ව තබාගත යුතුය. හිරු එළිය වැටෙන සේ කාමරවල ජනෙල් මෙන්ම නාන කාමර කවුළු ද විවර කර තබන්න. හැමවිටම නිවසේ ජනෙල් විවරව තැබිය යුතුය. ඒ, පිටතින් වාතය නිවස ඇතුළට එන ආකාරයට ය. එවිට එම ස්ථාන වියළි වී දිලීර ද මැරී යයි.

දිලීර වළක්වා ගන්නේ කෙසේද?
නිවසේ තැන් තැන්වලින් වතුර කාන්දු වීම් සිදුවන්නේ නම් ඒවා පිළිසකර කිරීම මූලිකවම වැදගත් කාරණයකි. නිවස හොඳින් නඩත්තු කරන්නේ නම් මෙවැනි වතුර කාන්දුවීම් ඇතුළු බොහෝ දේවල් සිදුවීම වළකී. කාමරවල බිත්ති සහ නාන කාමර වියළි ව තබාගත යුතුය. හිරු එළිය වැටෙන සේ කාමරවල ජනෙල් මෙන්ම නාන කාමර කවුළු ද විවර කර තබන්න. හැමවිටම නිවසේ ජනෙල් විවරව තැබිය යුතුය. ඒ, පිටතින් වාතය නිවස ඇතුළට එන ආකාරයට ය. එවිට එම ස්ථාන වියළි වී දිලීර ද මැරී යයි.
දිලීර හටගෙන තිබෙන ස්ථාන පරීක්‍ෂා කරන්න. ඒ අනුව තෙත රැඳුනු සින්ක් එක යට, ඒ අවට බිත්ති, කාමර තුළ හා පිටත බිත්ති, ජනේලවල කෙළවරවල් පරීක්ෂා කර තෙතමනය ඇති ස්ථාන තිබේ නම් ඒවාට පිළියම් කරන්න. සම්පූර්ණයෙන් වසා තිබෙන ගබඩා කාමර පිරිසිදු කරන්න. එසේ පිරිසිදු කිරීමේ දී තවත් විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක් නම් නාසය හා මුඛය ආවරණය වන සේ මුඛ ආවරණයක් පැළඳ ගැනීමයි.


සබන් වතුරවලින් දිලීර විනාශ කිරීමට පුළුවන. එනිසා සබන් වතුරවලින් තෙතමනය රැඳී තිබෙන ස්ථාන පිරිසිදු කිරීම සුදුසු ය. එසේ කරන විටද පුස් ඇවිස්සී ඒවා ආඝ්‍රාණය වීම සිදුවන නිසා මුඛ ආවරණයක් පැළඳීම වැදගත් වේ.
පාවිච්චියට නොගන්නා තුවා පාපිසි ආදිය තැන් තැන්වල නොදමා ඉවත් කරන්න. එසේ ඉවත් කළ නොහැකි නම් සම්පූර්ණයෙන් වැසිය හැකි පෙට්ටියකට දමා වසා තබන්න. එසේ වසා තබන විට පුස් හැදුනත් ඔබට ඒවා ආඝ්‍රාණය වීමට ඉඩක් නැත.
කෑම වර්ග තැන් තැන්වල වීසි වී ඇති විටත් ඒවායේ පුස් සෑදෙයි. එසේම කෑම වර්ග තැන තැන රැඳීම නිසා මැස්සන් පිරී වෙනත් ලෙඩ රෝගද සෑදීමට අවකාශ ඇත. එබැවින් නිවසේ තැනින් තැන කෑම වැනි දෑ රැඳී නොසිටින පරිදි පිරිසිදුව තබා ගන්න.
බොහෝ විට අපට අසාත්මිකතා සහ විවිධ සෙම් රෝග ඇතිවන විට ඊට හේතුව මෙවැනි තත්ත්වයක් යැයි අප කිසිසේත් සිතන්නේ නැත. එසේම එවැනි රෝග සඳහා බලපාන හේතු අපිට හඳුනා ගැනීමද බොහෝ විටම අසීරු ය. නමුත් නිතර සෙම වැනි අසාත්මික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගියෙකු පවුලේ සිටී නම්, මෙවැනි තෙතමනය සහිත පරිසරයක් නිවසේ පවතින්නේ දැයි සොයා බලන්න. එවැනි තත්ත්වයන්ට පිළියම් යෙදීම එම රෝගියාට පමණක් නොව පවුලේ කාටත් යහපතක් වනු ඇත.

අසාත්මික රෝග සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

ඉන්දු පෙරේරා

විනිවිද සායනය