ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (5) තවදුරටත් පහළ බැස තිබේ.ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනුයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් (WTI ) බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.21ක් ලෙස සටහන් වී ඇති බවකි.මේ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.73ක් ලෙසයි සටහන් ව ඇති අතර අමෙරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ට වඩා අඩුවෙන් සටහන් වී ඇත්තේ පෙබරවාරි මාසයෙන් පසුව බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහළ වැටීමට යම් බලපෑමක් වනු ඇතැයි පැවසෙයි.