භාවිතයට නොගන්නා දුම්රිය ඉඩම් හා ගොඩනැගිලි පෞද්ගලික අංශය හා එක් ව සංවර්ධනයට පියවර

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයට නොගන්නා ඉඩම් සහ ගොඩනැගිලි සංවර්ධනය කිරීමට පෞද්ගලික අංශය සමඟ එක්ව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඞී.එස්. ගුණසිංහ මහතා ප‍්‍රකාශ කරයි.නාවලපිටිය සිට නානුඔය දක්වා පවතින දුම්රිය ස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා බව පැවසීය.ඉංග්‍රීසි යටත් විජිත සමයේ තනන ලද දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගොඩනැඟිලි රාශියක් මේ වන විට කිසිදු භාවිතයකින් තොරව පවතින අතර පෞද්ගලික අංශයේ ද සහායෙන් මේවා මුල් කොට සංචාරක ප්‍රවර්ධන සැලසුම් කිහිපයක් සිදු කිරීමට මීට පෙර ද යෝජනා වී තිබුණ ද ඒ මඟින් ඇතැම් නිලධාරීන්ගේ යටි අරමුණු ඉටු නොවීම මත ඒවා කඩාකප්පල් වූ බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.මේ ඇතැම් ගොඩනැඟිලි ඒවායේ පෞරාණික බව රැකෙන සේ අභිරක්ෂණය කිරීමෙන් ඒවා දෙස් විදෙස් සංචාරකයන් සඳහා අවන් හල් හා නවාතැන් පළවල් බවට පත් කොට දුම්රිය දෙපාර්තමේන්තු ආදායම් ඉහළ නංවා ගන්නා අතරේ විදේශ විනිමය ද උපයා ගත හැකි බව ද මීට පෙර අවස්ථා ගණනාවක දීම විවිධ අංශ විසින් පෙන්වා දී තිබේ.

කාලීන පුවත්