මතක බණකට වැඩම කළ වනවාසී හිමි නමකට භික්ෂුවක් ඇතුළු පිරිසක් පහර දෙති

සර්පයෙකු දෂ්ඨ කර මිය ගිය 43 හැවිරිදි අයකුගේ, වප් පෝය දිනට(28) යෙදුණු හත් දවසේ දානමය පිංකමේ ,ධර්ම දේශනාවක් කිරීම සඳහා කලවැදි උල්පත ගම්මානයට වැඩම කළ බොරලුකන්ද ඓතිහාසික නිකසලා ආරාණ්‍ය සේනාසන, පදවිය නිකසල මාතාචිත්ත විවේකාශ්‍රම, වහල්කඩ ඉසිගිරිකන්ද සේනාසන හී වැඩ වාසය කරන වනවාසී පදවිය විජිත බුද්ධ හිමියන් කුරුලුගම ගම්මානයේ භික්ෂුවක් සහ 100 ට ආසන්න මැර කණ්ඩායම්ක් පැමිණ පහර දීම නිසා රෝහල් ගත කොට ඇති බව වාර්තා වෙයි..මෙම ගම්මානයට දායක පන්සල වන්නේ කුරුලුගම ගම්මානයේ විහාරස්ථානයයි. එම විහාරස්ථානයේ මීට පෙර වැඩ සිටි ස්වාමින් වහන්සේ, ගම්මුන් විසින් ආරවුලක් ඇති කර ගනිමින් ඉවත් කර මේ වන විට නව ස්වාමින් වහන්සේ නමක් ගම්මුන්ගේ අභිමතය පරිදි වැඩම කරවාගෙන ද ඇත. එම විහාරස්ථානයට කලවැදි උල්පත ගම්මානයේ පදිංචි ස්වාමියා මිය ගිය අයගේ පවුලේ උදවියට මීට පෙර දාන වෙල් 03 ක් මීට පෙර දීම අතපසු වී ඇත.එම හේතුව මුල් කර ගනිමින් පොලගා දෂ්ඨ කර මියගිය පුද්ගලයාගේ හත් දවසේ දානයට මෙම කුරුලුගම නව ස්වාමින් වහන්සේ වැඩම කිරීමට නම් දාන වේල තුනට රුපියල් 15,900 ක දඩ මුදලක් සමග හිග වූ 40,000 ක මුදල එම සමිතියට ගෙවීමට එම විහාරයේ දායක සභාවේ පිරිස් එක්ව නියම කර ඇත. එසේ නොගවන්නේනම් ස්වාමින් වහන්සේ පිං කමට වැඩම නොකරන බවද එම පිරිස දන්වා ඇත.එම මුදල ගෙවීමට නොහැකි වීම හේතුවෙන් අනතුරුව දැඩි ආර්ථික අර්බුද හමුවේ ජීවත් වෙන මෙම පවුලේ අය කලවැදි උල්පත ගම්මානයේ ගම්වාසින් සමග එක්ව පදවිය විජිත බුද්ධ හිමියන්යට මෙම පිං කම් මාලාවට වැඩම කරන ලෙසට ආරාධානා කර ඇත.එම ආරාධනාව පිලිගෙන එම ගම්මානයට වැඩම කරමින් අසරණ වූ පවුලට සහ ගම්මානයේ පිරිසට ධර්ම දේශනාව පවත්වා පිටත්ව යාමට සූදානම් වූ වන වාසී පදවිය විජිත බුද්ධ හිමියන් හට කුරුලුගම ගම්මානයේ භික්ෂුව ඇතුළු පිරිස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.

කාලීන පුවත්