දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු පැහැර හැර තිබූ මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්ර අත්හිටවූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා සඳහන් කරයි..එම සමාගම්වල වාර්ෂික බලපත්රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන් වූ හෙයින් ඒවායේ බලපත්ර අලුත් නොකළ බවද සමන් ජයසිංහ මහතා සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා පවසන්නේ එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කළ බවයි.ඒ අනුව එම සමාගම් මෙලෙස මත්පැන් නිෂ්පාදන ආයතන පහක නිෂ්පාදන කටයුතු නතර කළ ද තවත් මත්පැන් නිෂ්පාදන ආයතන පවතින හෙයින් වෙළෙඳපොළේ මත්පැන් හිඟයක් ඇති නොවන බවද ඔහු සඳහන් කරයි.