මත් පැන් වෙනුවට මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට

බලපත්‍ර සහිත මත්පැන් මෙන්ම නීති විරෝධී මත්පැන් මිල ද අධික ලෙස ඉහළ යෑම නිසා ජනතාව අයිස්, මත්පෙති වැනි මත්ද්‍රව්‍යවලට යොමුවීම වැඩිවීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.එමෙන්ම ශරීරයේ ස්නායු පද්ධතිය අඩාල කරන THC භ්‍රාන්තිකාරක සංඝටකය සහිත ගංජා මුල් කොට ඇති වී තිබෙන දේශපාලන කතිකාව මත ගංජා වගාව සහ අලෙවිය ප්‍රවර්ධනය වීමේ නැඹුරුවක් ද පෙන්නුම් කෙරෙයි.මෙම තත්වයන් යටතේ එම සියලු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් අවශ්‍ය පරිදි සායනික ප්‍රතිකාර වෙත යොමු කිරීම ඔවුන් එම ඇබ්බැහියාවෙන් දුරු කෙරෙන මනෝ චිකිත්සක සහ උපදේශන සේවා සඳහා වන පිහිටුවා ඇති ජාතික ආයතනය වන අන්තරායකාරී ඖෂධ ජාතික පාලක මණ්ඩලය යන 1927 කෙටි දුරකතන අංකය ඔස්සේ ඇමතිය හැකි බව එම පාලක මණ්ඩලය දැනුම් දෙයි.

කාලීන පුවත්