මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන ඇත.අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනුකරමින් දැනුම් දී තිබේ. ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කර ගෙන ඇත්තේ එම දැනුම් දීමෙන් අනතුරුවය.එහෙත් ඉන්දියාවේ හින්දු පුවත් පත වාර්තා කොට ඇත්තේ අදානි සමාගම එම ව්‍යාපෘතිය ලබන ජූනි මාසයේ ඇරඹීමට අපේක්ෂාවෙන් හිඳින බවකි.