හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම පිණිස තමන්ට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය හැකි වුව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමක් පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය කියයි.ඇය වැඩි දුරටත් පවසනුයේ එය ඇතැමුන් තුළ පවතින ස්වාභාවික කුතුහලය පදනම් කර ගත් අනුමානයක් පමණක් බව ය.එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ද පැවසීය.