තම දේශපාලනදිවියේ කිසිදු දිනයෙක අන්තවාදීන් හා ජාතිවාදීන් සමඟ ගමනක් නොතිබූ බවත් එවැනි අන්තවාදීන් සහ ජාතිවාදීන් සමග මව්බිම ජනතා පක්ෂය එකතුවීම නිසා තව දුරටත් එම පක්ෂයේ රැඳීමට නොහැකි බැවින් තමා දැරූ සියලු තනතුරුවලින් ඉවත්වූ බවත් හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.අවස්ථාවාදය සහ ජනතාව ඇන්දවීම තමා කිසිසේත් අනුමත නොකරන බවත් පැවසූ අමුණුගම මහතා තමා මව්බිම ජනතා පක්ෂය තුළින් නූතන තාරුණ්‍ය ආකර්ෂණය කර ගනිමින් ජනතාවාදී දේශපාලන ගමනක් අපේක්ෂා කළ මුත් .ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ගම්මන්පිල යන මහත්වරුන් සමඟ මව්බිම ජනතා පක්ෂය සන්ධාන ගතවීම සම්බන්ධයෙන් තමන්ට කෙසේවත් එකඟ නොහැකි බැවින් තමන් එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් වූ බව පවසයි.