මයිනාගෝගමට පොලීසියෙන් චණ්ඩි පාට්

පසුගිය 26 වන දා සිට අරලියගහ මන්දිරය ඉදිරිපිට “මයිනාගෝගම” නමින් නම් කොට ඇති ජනතා විරෝධතා ස්ථානයට අද(01)අලුයම කඩා වැදුණු පොලිස් කණ්ඩායමක් විරෝධතාකරුවන් විසින් ඉදි කොට තිබූ අට්ටාල බලහත්කාරී ලෙසින් කඩා ඉවත් කොට ඇත.ජනතාවට හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් මුල් කොට පැවැත්වෙන මෙම උද්ඝෝෂණයේ හඬ යටපත් වන පරිදි පසුගිය දිනවල අරලියගහ මන්දිරයෙන් අධික ශබ්දයෙන් යුතුව ශබ්ද විකාශන මඟින් පිරිත් විකාශනය කළ අතර එය නීතියට ඉඳුරාම පටහැනි ක්‍රියාවක් නිසා ඒම විරෝධතා කරුවන් ඒ සම්බන්ධයෙන් අදාල අංශ වලට පැමිණිලි කොට තිබේ.එමෙන්ම මෙම විරෝධතා කරුවන්ට රැඳී සිටීමට නොහැකි සේ පොලීසිය නීති විරෝධී ලෙසින් එම පදික වේදිකාවේ බස් රථ ද ගාල් කොට තිබේ.අද පොලීසිය එල්ල කළ මෙම තර්ජනීය බලපෑමෙන් පසු මේ වනවිට විරෝධතාකරුවන් ගාලුපාරේ කොළඹ දෙසට ගමන් ගන්නා මංතීරුවේ බිම වාඩිවී අඛණ්ඩ විරෝධතාවක යෙදි සිටින බවත් ඔවුන් ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ කණ්ඩායමක් එහි ගොස් ඇති බවත් වාර්තා වෙයි.

කාලීන පුවත්