මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහර දුන් විසි දෙකක් අත් අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

මයිනාගෝගම හා ගෝඨාගෝගම හිටපු සාමකාමී උද්ඝෝෂණවල නිරතව සිටි ජනතාවට පහර දීමේ සිද්ධීන්වලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රවරුන් ඇතුළු විසි දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා, පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දී තිබේ.අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතර දේශපාලනඥයින්ට අමතරව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද සිටී.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රීවරයක් සහ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති වන මහින්ද කහඳගම ,සමාජ ක්‍රියාකාරිකයෙකු බව පවසන ඩෑන් ප්‍රියසාද් නමැත්තා ද මෙම අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතර අයත් වෙති.
නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් මෙතෙක් සිදු කළ විමර්ශනයන්හි උධෘත ඇතුළු සංෂිප්ත තොරතුරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි.

කාලීන පුවත්