මරණීය දණ්ඩනයට නියම ව සිටි “චොකා මල්ලි” ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්

2015 ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර(චොකා මල්ලි) මහතා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.ඒ, එම මරණීය දණ්ඩන තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ අභියාචනාව සලකා බැලීමෙන් අනතුරුවයි.

කාලීන පුවත්