මහනුවර ගෝඨාගෝගමට පහර දුන් හතරක් රිමාන්ඩ්

මහනුවර ගෝඨාගෝගම විරෝධතා ස්ථානයට පහර දී අලාභහානි සිදු කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව් දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඒ සැකකරුවන් මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.ඔවුන් මහනුවර අවට ප‍්‍රදේශවලම පදිංචිකරුවන් බව පැවසෙයි.මේ අතර පසුගිය 09 වනදා ආරම්භ වූ ප්‍රචණ්ඩත්වයට මුල පුරමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ,ජොන්ස්ටන් ප්‍රනාන්දු,සමන් ලාල් ප්‍රනාන්දු සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ද අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත් කළ යුතු යැයි සිවිල් ජනතා සංවිධාන කියයි.නමුත් ඒ පිළිබඳව පොලිස් පති වරයා ප්‍රකාශ කරනුයේ එම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවය.මේ අතර ඊයේ(10)කොළඹ පෙරහැර මාවත අද්දර ස්ථානයක දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීම සම්බන්ධයෙන් සැක කරුවන් තිදෙනකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කාලීන පුවත්