මහින්ද පාර්ලිමේන්තු එයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණ තිබේ.පසුගිය මැයි 09 වැනිදා අරලිය ගහ මන්දිරයට පැමිණි පිරිසක් විසින් කොල්ලුපිටිය සහ ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ල කළ ප්‍රහාරයෙන් පසු අගමැති තනතුරින් ඉල්ලා අස් වූ ඔහු තම පෞද්ගලික ආරක්ෂාව සඳහා මේ දක්වා රැඳී සිටියේ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේය. 09 වන දා සිදු වීමෙන් පසු දිවයින පුරා ඇති වූ කලහකාරී තත්වයන් ප්‍රවර්ධනය වූ අතර ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අත් අඩංගුවට පත් ව අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව පාර්ශව රැසකින් මේ වන විට ප්‍රකාශ වී තිබේ.

කාලීන පුවත්