ඉදිරි මහ කන්නය සදහා ප්‍රමාණවත් විදේශීය සහ දේශීය පොහොර වර්ග කිසිදු ගැටලුවකින් තොරව ගොවීන් වෙතට පත් කිරීමේ හැකියාව පවතින බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා කියයි. පොහොර ආනයනය වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක අතරේ ඉදිරියේදී විවිධ වගාවන් සඳහා විශේෂිත පොහොර සඳහා නිෂ්පාදනාගාර කිහිපයක් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබේ. එම පොහොර නිෂ්පාදනය සදහා දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා බව සභාපතිවරයා කියයි.