මහ කන්නයේ වගා හානි වන්දි දීම ඇරඹෙයි

මහ කන්නයේ වගා හානි සදහා වන්දි පිරිනැමීමේ වැඩ පිළිවෙල කෘෂිකර්ම අමාත්‍යංශය ඊයේ(08) ආරම්භ කළේය. ඒ අනුව ස්වභාවික හේතු නිසා හා වන අලින්ගේ හානි කිරීම්වලට ලක්වු වී, බඩඉරිගු, සෝයා, අමුමිරිස්, ලොකුඵෑණු හා අර්තාපල් වගා සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එම වන්දි පිරිනැමේ. වී වගාව සදහා උපරිම වශයෙන් අක්කර 05 කට ද අනෙකුත් බෝග සදහා අක්කර දෙකහමාරකට ද වන්දි හිමි වෙයි. දැනට ගණනය කර ඇති ආකාරයට 2020 හා 2021 වසරවල මහ කන්නයේ වගා හානි වෙනුවෙන් ගොවීන් 40 දහසකට පමණ එම වන්දි මුදල් පිරිනැමීමට නියමිත ව තිබේ. පූර්ණ හානි සිදුවු ගොවීන්ට අක්කරයකට රුපියල් 40 දහසක වන්දි මුදලක් ද, ඊට සමානුපාතිකව හානිවු ප්‍රමාණය අනුව වන්දි ගණනය කර ගෙවීම් සිදු කෙරේ.

කාලීන පුවත්