මේ මස 30 වනදායින් අවසන් වීමට නියමිත මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට හෝ එම ධුරයට නව පත් කිරීමක් සිදු කිරීම පිළිබඳ දේශපාලන ක්ෂේත්රය තුළ මත දෙකක් පළ වී තිබේ. එලෙස ධුර කාලය දීර්ඝ කිරීම හෝ නව පත් කිරීමක් සිදුකළ හැක්කේ ජනාධිපතිවරයාට වන අතර ඒ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ නිර්දේශය ලබාගත යුතුව තිබේ.2015 වසරේ භාණ්ඩාගාර බැඳුම්කර වංචාවට එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ බවට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත කරුණු වාර්තා කොට ඇත්තේ එවකටමහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පදවිය හෙබ වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් බව එවක දේශපාලන ක්ෂේත්රය පුරා පැතිරුණි.