අසාධාරණ ලෙස විදුලි ගාස්තු වැඩි කිරීමට සහ අසාධාරණ බදු ප්රතිපත්තීන්වලට එරෙහිව මාර්තු මස1 වනදා දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ(16) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡුාවකින් අනතුරුව තීරණය කොට තිබේ.ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරීමට නියමිතය.