මාර්තු 31 තෙක් වීදි පහන් නිවා තබන්නැයි මුදල් ඇමති කියයි

අද (07) සිට මාර්තු 31 වැනිදා දක්වා රාත්‍රී කාලයන් තුළ සියලු වීදි පහන් තබන ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කළේ,දෛනික ජන ජීවිතයට අවම බලපෑම් සහිතව, විදුලිය ඉතිරි කර ගැනීම සඳහාත් ක්‍රියාත්මක කළ හැකි වෙනත් විකල්ප ද තමන් වෙත දන්වා එවන්නැයි, බැසිල් රාජපක්ෂ මහතා එහිදී දැනුම්දී ඇති බවයි.රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 30% ක දායකත්වය සපයන ජල විදුලි බලාගාර, වැසි රහිත කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට මුළුමනින්ම අක්‍රිය තත්ත්වයට පත්ව ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.කෙසේ හෝ පසුගිය 28 වනදා පැවති කැබිනට් රැස්වීමේ දී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ පසුගිය 05 වනදා සිට විදුලි කප්පාදුව මුලුමනින්ම නතර කරන බවකි.

කාලීන පුවත්