මාර්තු 9 දාපළාත් පාළන ඡන්දය නොමැති බව මැතිවරණ කොමිසම නිල වශයෙන් දන්වයි

ලබන මාර්තු මස 9 වැනිදාට පැවැත්වීමට දින නියම කර ඇති පළාත් පාලන මැතිවරණය එදින නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව අද(24) නිල වශයෙන් නිවේදනය කළේය.ඒ අනුව එම මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස තුන්වන දින යළි ප්‍රකාශයට පත්කරන බව ද සභාව සඳහන් කොට ඇත.මැතිවරණය කල් දැමීමට සිදුව ඇත්තේ තම කොමිසමේ පාලනයෙන් බැහැරව කරුණු මත බවද අවධාරණය කරන කොමිසම මැතිවරණය පැවැත්වීමට අලුත් දිනයක් නම් කළ ද දැනට නාම යෝජනා භාරදී ඇති නාමයෝජනා හා ඇප මුදල් ඊට වලංගු බව ද වැඩිදුරටත් පවසා සිටියි.

කාලීන පුවත්