මාලිමාව විශිෂ්ඨ ජයග්‍රහණය ක් ලබා ගෙන ඇත.එයට හේතු පාදක වූ කරුණු ගැන අටුවා,ටීකා ලිවීමෙන් දැන් ඵලක් නැත.මිලියන 22 ක් වූ සමස්ත ජනතාව දැන් වැඩ කල යුතුය.ඒ රටේ සංවර්ධනය උදෙසාය.ලැබූ ජයග්‍රහණය රිසි සේ භුක්ති විදීමට නම් මේ රට ණය බරින් මුදවා ඔසවා තැබීමට අවශ්‍ය ආර්ථික සැලසුම ලබන අය වැය ට පෙර අප විසින් නිර්ණය කර ගත යුතුව ඇත.ඒ සදහා ඉතා වැදගත් නිර්නායකයක් වූ භූ දේශපාලන තත්ත්වයන් ගැන දැඩි අවධානයක් යොමු කල යුතුය.
විශේෂයෙන් ම ශ්‍රී ලාංකික ජනතාවගේ හදගැස්ම භූ දේශපාලන තත්ත්වය න් සමග ස්පන්දනය වන අයුරු ගැන ඔවුන්ට වැටහීමක් තිබුනේ නැත.කොටසක් ජාතිවාදි විය.තවත් කොටසක් කුලවාදි විය.ඒ කොටස් 2 අතර සිටගත් පාරම්පරික ගොවි පවුලකින් පැවත එන දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක,වත්මන් ජනාධිපතිවරයා මේ රට එක්සේසත් කලේ, අපට තිබූ භූ දේශපාලන සංදර්භයේ ප්‍රධාන ක්‍රීඩකයන් වූ චීනය,ඉන්දියාව හා ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් හීද ප්‍රසංසාවට ලක් වීමෙනි.
තත්ත්වානුරූපීව වෙනස් වන භූ දේශපාලන සාධකයන්හි යථාර්ථය කිසි දිනක මෙරට නායකයන් විසින් හදුනා නොගත් බව මෙම ලියුම්කරුගේ හැගීමයි. විශේෂයෙන් ම ශ්‍රී ලාංකික ජනතාවගේ හදගැස්ම භූ දේශපාලන තත්ත්වය න් සමග ස්පන්දනය වන අයුරු ගැන ඔවුන්ට වැටහීමක් තිබුනේ නැත.කොටසක් ජාතිවාදි විය.තවත් කොටසක් කුලවාදි විය.ඒ කොටස් 2 අතර සිටගත් පාරම්පරික ගොවි පවුලකින් පැවත එන දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක,වත්මන් ජනාධිපතිවරයා මේ රට එක්සේසත් කලේ, අපට තිබූ භූ දේශපාලන සංදර්භයේ ප්‍රධාන ක්‍රීඩකයන් වූ චීනය,ඉන්දියාව හා ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් හීද ප්‍රසංසාවට ලක් වීමෙනි.
කුලීන යැයි සම්මතවාදී පසුගාමි නායකයන් මෙන්ම කුල හීන යැයි සම්මතවාදී මෝඩ උද්ච්ඡ නායකයන් තම පක්ෂ සුසානය කරා ගමන් කරවද්දි අනුර කුමාර දිසානායක උතුර ජයගත්තේ මෙරට සිටින සියළුම ජාතිවාදින් ට කනේ පහරක් එල්ල කරමින් ය.
ජාතිවාදය තවදුරටත් මේ රට තුල වලංගු නැත.කැනේඩියානු දෙමළ ජාතික පක්ෂය ක් විසින් ඉල්ලීම් රැසක් මුල් කරගත් සුභ පැතුමක් වත්මන් ජනාධිපතිවරයා ට එවා ඇති අතර එයින් උද්දීපනය ක් ලද පරාජිත ජාතිවාදි න් නැවතත් තම ජාතිවාදි අදහස් සමාජ මාධ්‍ය ජාලය තුල වපුරන්නට සැරසෙන බවක් පෙනේ.එම සුභ පැතුම් පතින් ඉල්ලා ඇති ඉල්ලීම් සියල්ලටම නව රජය අවධානය යොමු කල යුතු බව මෙම ලියුම් කරුගේ අදහසය.එයට සමගාමිව දිනාගත හැකි දෙමළ ඩයස්පෝරාව රටෙහි සංවර්ධනයට එකතු කිරීම වත්මන් ජනාධිපතිවරයා ට අභියෝගාත්මක කාර්ය්යක් වනු ඇත.
වඩාත් සුදුසු වන්නේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය සාගර ආර්ථිකයක් කේන්ද්‍ර ගත කර නිසි උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීමයි.එයට සමගාමිව අද වන විට වෙරළ කාලාපීය රටවල් බහුලව සැලසුම් සකස් කර ඇත.තිරසර සංවර්ධනය අංක 14 නැතිනම් Life below water යටතේ දක්වා ඇති නිර්නායක හරහා ප්‍රජා මූලික කලමණාකරන ක්‍රමවේදයක් ඇති කර ගෙන එහි ලාභාංශ තුලින් මෙරට සිටින ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වයන් උසස් කල යුතුය.මේ සඳහා කෘතිම බුද්ධිය මෙන්ම ඩිජිටල්කරණය ද සමපාත කරගැනීම අත්‍යාවශ්‍ය වේ.
ඒ සදහා වඩාත් සුදුසු වන්නේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය සාගර ආර්ථිකයක් කේන්ද්‍ර ගත කර නිසි උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීමයි.එයට සමගාමිව අද වන විට වෙරළ කාලාපීය රටවල් බහුලව සැලසුම් සකස් කර ඇත.තිරසර සංවර්ධනය අංක 14 නැතිනම් Life below water යටතේ දක්වා ඇති නිර්නායක හරහා ප්‍රජා මූලික කලමණාකරන ක්‍රමවේදයක් ඇති කර ගෙන එහි ලාභාංශ තුලින් මෙරට සිටින ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වයන් උසස් කල යුතුය.මේ සඳහා කෘතිම බුද්ධිය මෙන්ම ඩිජිටල්කරණය ද සමපාත කරගැනීම අත්‍යාවශ්‍ය වේ .
සුර අසුර යුද්ධය ක් මෙන් කුලීන සහ කුල හීන විසංවාදය පෙරදැරීව දේශපාලන රග මඩලෙහි රග පෑ සම්ප්‍රදායික පසුගාමී නායකයන් වහාම ඉල්ලා අස්විය යුතුය.ඒ මන්දයත් නිසි ලෙස ගලන ගංගාවක වම් ඉවුර පමණක් ශක්තිමත් කර ඵලක් නැත.දකුණු ඉවුර ද ශක්තිමත් කල යුතුය.ඒ සදහා නව නායකත්වයන් මතු වීමට අවකාශය ලබාදීම අත්‍යවශ්‍ය වේ.අපි පිය නගන්නේ කෘතිම බුද්ධිය ප්රමුඛ වන Z generation පිනුම් ගහන සමාජයක යටයි.සම්ප්‍රදායික පක්ෂ සියල්ලම මෙන්ම ඉතා විශාල බලයක් සහිත නව රජය ද මෙයට විශාල අවධානය ක් යොමු කල යුතුය.අපි තවදුරටත් නොබෙදී කටයුතු කල යුතුය .
“භූමිය බෙදුනද සාගරය නොබෙදේ.”
අයේෂ් ඉන්ද්‍රනාත් රණවක