මාලු මිල ඉහළට

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව සිල්ලර වෙළඳපොළේ කෙලවල්ලා රුපියල් 2500 කටත්, පරා රුපියල් 2200 ක්, තලපත් රුපියල් 2800 ක්, හැඩැල්ලා රුපියල් 1900 කටත්, හුරුල්ලා රුපියල් 1560කටත්, සාලයා රුපියල් 600 කටත්, ලින්නා රුපියල් 990 කටත්, අලගොඩුවා 1250 කටත්, ඉස්සා රුපියල් 2800 කටත් කිලෝව අලෙවි වන බවද ඔව්හු පවසති.

මේ අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ මාලු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා රුපියල් 1500 කටත්, තලපත් රුපියල් 1900 කටත්, බලයා 800 කටත්, පරා 1500 කටත්, හුරුල්ලා රුපියල් 1000 කටත්, සාලයා රුපියල් 450 කටත්, ලින්නා රුපියල් 850 කටත් කිලෝවක් අලෙවි වූ බවද ඔව්හු පවසති.

කාලීන පුවත්