මා දේශපාලන ඉත්තෙකු හෝ නියෝජිතයකු නොවේ

තමන් කිසියම් දේශපාලන පක්ෂයක ඉත්තෙකු බවට නඟන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිනම් හෝ දේශපාලන පක්ෂයක ඉත්තෙකු තබා නියෝජිතයකු වන් නොවන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි. ඒ මහතා මීළඟ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බවට හා ඊට අවශ්‍ය අඩිතාලම ඔහු මේ දිනවල දමමින් සිටින බවට සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළ අතර.එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක මහතා පවසන්නේ තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති ස්වාධීන පුද්ගලයකු වන අතර තමන් රාජකාරි කරන්නේ ස්වාධීන බව ය. ඒ සඳහා කොමිසමේ අනෙක් සාමාජිකයන් ගෙන් ද සහයෝගය ලැබෙන බව ද හෙතෙම පැවසීය.

කාලීන පුවත්