මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (11) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
මෙම ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බව මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
“පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරු හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසම විසින් කැඳවලා තියෙනවා. මම හිතන්නේ මේ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන සමග ඒකාබද්ධව පවත්වන පළමු අවස්ථාව මෙයයි. අපි බලාපොරොත්තු වෙනවා පැෆරල් සංවිධානය හැටියට මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමට තියෙන බාධක පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමුකරන්න. මොකද පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙමින් තමයි මැතිවරණය පවත්වන්නේ. ඒ නිසා පළාත් පාලන ආයතනවල සම්පත් විශේෂයෙන්ම වාහන, සංවර්ධන ව්‍යාපෘති වගේම සුබ සාධන වැඩසටහන් මැතිවරණයේ දී අපේක්ෂකයින් ප්‍රවර්ධනයට භාවිතයට ගන්න ඉඩකඩ තියෙනවා. දැනටමත් ඒ ගැන පැමිණි තියෙනවා. මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමුකරන්න බලාපොරොත්තු වෙනවා.”