මැතිවරණ පැමිණිලි 3,000 ඉක්මවයි

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීතී උල්ලංඝණය කිරීම් 199ක් ලැබී තිබෙන බවයි.

එම කාලය තුළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් 3ක් සහ වෙනත් පැමිණිලි 08ක් වාර්තා වී ඇති බවද එම කොමිසම සඳහන් කරයි.2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව  ප්‍රචණ්ඩක්‍රියා 08ක්, නීතී උල්ලංඝණය කිරීම් 2831ක් ඇතුළු පැමිණිලි 3053ක් ලැබී තිබේ.

කාලීන පුවත්