මැතිවරණ පැමිණිලි 408ක් දක්වා ඉහළට

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ සිට මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 408ක් වාර්තා වී තිබේ.

ඒ අතරින් එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබෙන බවයි වාර්තා වෙයි.මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 392ක් මේ වන විට ලැබී තිබේ.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ සිට නාම යෝජනා බාර දීම දක්වා වූ කාල වකවානුව තුළ වාර්තා වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන පහත මට්ටමක පවතින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.

කාලීන පුවත්