මේ වන විට උද්ගත වී ඇති කලබලකාරී තත්වයක් සන්සිඳුවීම පිණිස කොළඹ උතුර,කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ, මිරිහාන, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනිතිය පනවා ඇතැයි පොලිසිය පවසයි.මිරිහාන ප්‍රදේශයේ පිරිසක් ජනාධිපති වරයාගේ පෞද්ගලික නිවස ඉදිරියේ කලහකාරී ලෙස හැසිරීමත් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කැලණිය ප්‍රදේශයෙන් අවහිර කිරීමත් තවත් ප්‍රදේශ කිහිපයකින් එබඳු කලහකාරී සිදු වීමත් මිරිහාන ප්‍රදේශයේ දී වාහන කීපයකට ගිනි තැබීම සහ ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇති කර ගැනීමට යාමත් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.මෙම සිදුවීම් වලින් තුවාල ලැබූ කීප දෙනකු මේ වන විට රෝහල් ගත කර ඇතැයි ද දැනගන්නට ඇත.