මිලි මීටර් 300 ඉක්මවූ මහ වැසි – දුම්රිය ධාවනයට බාධා

පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංඟා, ජලාශ සහ වැව් රැසක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

ජලාශ 10 ක වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

රාජාංගනය, දැදුරු ඔය, ලක්ෂපාන, කුකුළේ ගඟ, තබ්බෝව, පොල්ගොල්ල, කොත්මලේ, වික්ටෝරියා සහ අංගමුව යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

අයහපත් කාලගුණයත් සමග දුම්රිය මාර්ගයට හානි වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා පමණක් සීමා වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

කාලීන පුවත්