මිල ප්‍රදර්ශනය කරනවා නම් පමණක් භාණ්ඩ ගන්න

මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය.

බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට තව දුරටත් ලැබී නොමැති බවත් ඔහු පැවසීය.

බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා රටපුරා වැටලීම් ක්‍රියාත්මක බවත් උඩුවර මහතා කීය.

එම අධිකාරීයේ විමර්ෂණ නිලධාරීන් පසුගිය දින කීපයේදී පාන් මිල සම්බන්ධයෙන් පමණක් රට පුරා වැටලීම් 200 කට අධික සංඛ්‍යාවක් කළ බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්