මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ

මිහින්තලය පුදබිමේ යුද, නාවික සහ සිවිල් ආරක්ෂක සෙබළුන් 252 සිටියේ පුදබිමේ ආරක්ෂක කටයුතු සඳහා නොවන බවන බැවින් එහි ආරක්ෂාවට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවත් පුදබිමේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 30ක් නිරතුරුවම සේවයේ නිරත වන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මිහින්තලය පුදබිමේ සිටි හමුදා සෙබළුන් ඊයේ සිට එම පුදබිමෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කාලීන පුවත්