මීළඟ ජනපතිවරණයට පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට වැඩිම සුදුස්සා බැසිල්

තමන්ගේ පෞද්ගලික මතය අනුව මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට වැඩිම සුදුසුකම් සහිත පුද්ගලයා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.පක්ෂය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදුසු පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන් ද සුදුසුම කෙනා තෝරා නිසි වෙලාවේදී ඉදිරිපත් කරනු ඇති බවත් ඔහු පවසයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ නවතම ක්‍රමයක් අනුගමනය මුත් එම ක‍්‍රමය පිළිබඳව දැන්ම හෙළි කළ නොහැකි බව ද ඔහු කියයි.දිසානායක මහතා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

කාලීන පුවත්