වර්තමානයේ ගොඩ නැගී ඇති ජනතා අරගලය දේශපාලනයෙන් තොර වූවක් නොවන බවත් එය තොර වන්නේ පාට පක්ෂ දේශපාලනයෙන් පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර මහතා කියයි.එමෙන්ම පාට පක්ෂ දේශපාලනයෙන් මෙතෙක් දිනා ගැනීමට නොහැකි වූ අයිතිවාසිකම් දිනා ගැනීමට සියළු දේශපාලන පක්ෂ පාට වලට අයත් වූවන් පොදුවේ එක් ව වෙර දරන මෙම ජන අරගලය දේශපාලන වර්ණ ගැන්වීම් මගින් අරගලය වෙනත් දිශාවකට ගමන් කළ හැකි බැවින් ඒ සඳහා උත්සාහ නොකරන ලෙස නානායක්කාර මහතා ඉල්ලීමක් කරයි.