මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ඉහළ යන ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරට අඩු අදායම් ලාභී පවුල් සිය ආහාර පරිභෝජනය අඩු කර ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන වාර්තාවක දැක්වෙයි.එම වාර්තාව මඟින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉහළ යාම නිසා බොහෝ පවුල් ආහාර පරිභෝජනය අඩු කර ලාභදායී සහ අඩු පෝෂ්‍යදායී ආහාර වෙත මාරු වී ඇති බවයි.ඉකුත් වසරේ ජනවාරි මාසයේදී පැවති සහල් මිලට සාපේක්ෂව පසුගිය ජනවාරිය වන විට විට සහල් මිල 50% කින් ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කරන්නේ ඊට ප්‍රධාන වශයෙන් ඉන්ධන සහ පොහොර හිඟය මෙන්ම රුපියල අවප්‍රමාණය වීම ද බලපා ඇති බවයි.එය මෙරට සමස්ත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍යය සහ පෝෂණයට සෘණාත්මක බලපෑමක් ඇති කරන බව ද අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබේ.