මෙරට පැතිර යන කොවිඩ් වෛරසයේ ජාන විශ්ලේෂණය ලබන සතියේ

මෙරට පැතිර වෛරසය කුමක්ද යන්න පිලිබඳව කුමන කොවිඩ් වර්ගයට අයත් වුවක්ද යන්න පිලිබඳව ජාන විශ්ලේෂණයන් පරික්ෂා කිරීම ජනවාරි මුල්සතිය තුළ ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යායතනය අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජිවන්දර  සඳහන් කරයි.

තම ජිවි විද්‍යායතනයේ පර්යේෂණ කටයුතු සදහා රෝගීන්ගෙන් ලැබෙන නියැදි මෙසේ පරික්ෂාවට ලක්කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් කරන්නේ නම් පමණක් එම නියදි පරික්ෂා කිරීම භාර ගන්නා බවත්  මහාචාර්යවරයා පැවසුවේය.

කාලීන පුවත්